Posts

ජීවීන්ගේ ජීවන චක්‍ර

ජීවීන්ගේ ජීවන චක්‍ර 8 ශ්‍රේණිය විද්‍යාව 1. මිනිසාගේ ජිවන චක්‍රයේ විවිධ අවධි පිළිබද සාකච්ඡා කිරීම. http://www.medhyaherbals.in/wp-content/uploads/2015/09/life-stages-800961-1024x504.jpg http://clearconnectionschiropractic.com/wp-content/uploads/2017/03/Life-expectancy.png 2. පහත ජිවන චක්‍ර සහිත වීඩියෝ දර්ශන නරඹා එම ජිවන චක්‍ර වල ඇති සමානකම් හා වෙනස්කම් ලියන්න. https://youtu.be/hmL8jefOd5A https://youtu.be/09vSv5c3Was https://youtu.be/XGOpeXgbsro https://youtu.be/wFfO7f8Vr9c 3. ජීවන චක්‍ර පිලිබඳ සිසුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම. 4. සිසුන්ගේ අදහස් නිවැරදි කරමින්, අගයමින්, තවදුරටත් ජීවන චක්‍ර පිලිබඳ විස්තර සැපයීම. 5. සිසු දැනුම තක්සේරුව සඳහා ප්‍රශ්නාවලියක් ලබා දීම. https://forms.office.com/Pages/ResponsePage.aspx?id=oWnGVMvwikK 2 uifmUFo 5 z 2 NU-pBwKRBNlzovxfKnEO 5 UMVVHWEJPMUtIMEg 3 VDhJRFpEMlBLR 1 A 0 MC 4 u
ප්‍රභාසංස්ලේෂණය

වගා කටයුතු සඳහා ලොම් පස හිතකර වන්නේ ඇයි?

Image
ශාකයක් නිරෝගීව වර්ධනය වීම සඳහා පාංශු ජලය හා පාංශු වාතය වැදගත් වේ. ලොම්පසෙහි පාංශු ජලය හා පාංශු වාතය ප්‍රශස්ත මට්ටමක පවතින නිසා ශාක සරුවට වැඩේ.

පෙළ සිටුවීමේදී කොළ කපා සිටුවන්නේ ඇයි?

Image
ශාක පත්‍ර හරහා ජලය වාෂ්ප ලෙස පිට වීම උත්ස්වේදනය ලෙස හැන්දින්වේ. දිවා කාලයේදී ශාක පත්‍ර වලින් උත්ස්දවේදනයෙන් ජලය පිටවන නිසා අලුතින් සිටවන පල පහසුවෙන් මලානික වී මිය යාමට පුළුවන්. එය වලක්වා ගැනීම සඳහා කොළ කිහිපයක් කැප පල සිටුවනු ලැබේ.

ලෝහ මූඩි ගැලවීම පහසු වීමට මූඩිය රත් කරන්නේ ඇයි?

Image
රත් කරන විට ද්‍රව්‍ය ප්‍රසාරණය වේ. ලෝහ මූඩිය රත් කරන විට මූඩිය ඉක්මනින් රත්වී ප්‍රසරණය වීම නිසා පහසුවෙන්  විවර වේ.

නිවාස තුල ඇති විසිතුරු ශාක රාත්‍රියේදී ඉවත් කරන්නේ ඇයි?

Image
දිවා කාලයේදී ශාක ප්‍රභාසංස්ලේෂණය හා ස්වසනය සිදු කලද හරිත ශාක රාත්‍රියේදී ස්වසනය පමණක්ක සිදු කරයි.එම නිසා රාත්‍රියේදී ශාක කාබන්යෝඩයොක්සයිඩ්  වායුව පිට කරන අතර ඔක්සිජන් වායුව අවශෝෂණය කර ගනී. එම නිසා නිදන කාමර වල රාත්‍රියේදී විසිතුරු ශාක නොතැබිය යුතුය.

ආහාර කල් තබා ගැනීමට වියලන්නේ ඇයි?

Image
ක්ෂුද්‍ර ජීවීන්ට හොඳින් ක්‍රියා කිරීම සඳහා තෙතමනය අවශ්‍ය වේ. එම නිසා ආහාර නරක් වීමට තෙතමනය බලපායි. තෙතමනය ඉවත් කිරීමෙන් කොස්, දෙල්, මාළු, මිරිස් වැනි ආහාර කල තබා ගත හැකිය.